Y = MX

Y=MX

X = නව දත්තය/සිද්ධිය

M= ඇත්ත කියලා හිතන් ඉන්න මතය/දෘශ්ටිය

Y=MX

Y = අත්දැකීම

 

උදාහරණයක් ගත්තොත්!

 

X = රැවුල වවන් ඉන්න තරුණයෙක්

M= රැවුල වවන් ඉන්නෙ රස්තියාදු කාරයො

Y=MX

Y= රස්තියාදු කාර කොල්ලෙක්

 

X = රැවුල වවන් ඉන්න තරුණයෙක්

M= රැවුල වවන් ඉන්නෙ පට්ට dial (nipun wage)

Y=MX

Y= එල කොල්ලෙක්

 

ලස්සනම වැඩෙ ඔය Y එකෙ අගය ඊලග M එකේ අගය වෙනස් කරනවා

 

X = තරුණයා  හිනා වෙනවා

M= රස්තියාදු කාරයෙක්(කලින් හිතුන දේ)

Y=MX

Y= හොර හිනාවෙ කැත

 

X = තරුණයා හිනා වෙනවා

M= එල කොල්ලෙක්(කලින් හිතුන දේ)

Y=MX

Y= පට්ට හිනාව

 

M  ශුන්‍ය භාවයෙන් හමු උනොත් ,

උදාහරණයකට බොක්කෙන්ම තේරුනොත් මිනිස්සු බාහිරෙන් මනින්න බෑම කියලා

 

X= රැවුල වවන් ඉන්න තරුණයා

M= බාහිර පෙනුම අදාල නැත

Y=MX

Y= මනුස්සයෙක්

🙂

 

 

අත්දැකීම (Y) ලැබෙන්නෙම රැස් වෙලා තියන M අනුවමයි.

අත්දැකීම (Y) , දෘශ්ටිය(M) ස්ථාවර කරනවා.

දෘශ්ටිය   හේතුවක් වෙනවා අත්දැකීමට,  අත්දැකීම හේතුවක් වෙනවා දෘශ්ටියට .

M (දෘශ්ටිය ) වෙනම අහුවෙන්නෙ නෑ.

 

අත්දැකීමට සිහිය තිබ්බොත් M වෙනස් වෙන හැටි පොඩ්ඩක් පේන්න පුලුවන්.සිහිය කියන අත්දැකීම (Y) පෙන්නලා දුන්නොත්  M සකස් වෙවි වෙවි තියෙන්නේ ස්ථාවර නෑ ,හිස් කියලා

එදාට  Y (අත්දැකීම )  , M ගෙවන්න  input  දෙනවා. M , Y ගෙවලා දානවා 😁


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *