තැනක් නෙමේ සිතියමක් !

  • opportunity cost

    අපි වියදම් කරපු කාලය /ශ්‍රමය /මුදල වෙන දේකට යොදවන්න තිබ්බ කියන ගොඩක් අයට හිතෙනවා. ඒත් වෙනදෙයක් වෙන්න තිබුණා නම් ඒක වෙලා. ඒහෙම පුළුවන්  වෙන්න නම් කාලය නිරපේක්ෂව තියෙන්න ඕන . එහෙම ද?

  • වාද

     සමහර වාද සාකච්ඡාවල ඵලදායි බව අඩු අපි කෝමත් කතාවට එන්නෙ මම හරි කියලා පිහිටලා , දරාගෙන ඉන්න තියරි එකෙ අවුල පෙන්නුවම, ඔව් ඒක හරි “හැබැයි” කියලා ආයෙ එතැනටම පනිනවා . නැත්නම් ඉස්සෙල්ලා මම වැරදි දැන් මම හරි කියලා පොඩ්ඩක් වෙනස් එකක් බදාගන්නවා 😁 තමන්ට ” හැබැයි “/but කියවෙන කොට පොඩ්ඩක් මීටරෙන් ඉන්න 😉

  • කියවන බව

     මෙහෙම දෙයක් තේරිලා තියෙනවා ද? ඔයා මේක කියවන කොට සාමාන්‍යයෙන් හිතෙන්නේ මම නිපුන් ලියපු එකක් කියවනවා කියලා , හැබැයි ඇත්තටම මේක කියවන බව තුල කියවන්නා ,ලියපු දේ, ලියපු කෙනා හමුවන බව. මෙක කියවන බවට live experience එක නැත්නම්  මෙ මොහොත කියන්නත් පුළුවන් .

  • ඒ අයගෙ ස‍ංස්කෘතිය

    ඒ අයගෙ ස‍ංස්කෘතිය

      ඒ අයගෙ ස‍ංස්කෘතිය  අපෙ රාමුවට පිට හින්දා දුකක් විදිහට පේනවා 😁 එතකොට අපි කරන වැඩ? 😁😁😁 රාමුවෙන් පිට ඉන්න කෙනෙකුට අපි කරන දේවල් ? උදාහරණයකට අවුරුදු 15 ක් විතර කාමරයක් අස්සෙ බෝඩ් එකක් බලාගෙන ඉන්න එක . බොලෙකට පොරකන එක. බෙල්ල හිර වෙන්න ටයි එකෙක් දාන එක. phone එක දිහා බලාගෙන ඉන්න එක. කොටින්ම…

  • ගෝඨා ගෙ පොත

     ගෝඨා ගෙ පොත අපි ලොක්කට හිනා වුනාට අපි හැමෝම ඉන්නෙ  “මම” හරි කියන තැන. p.s ඉස්සර මම වැරදි කියන කොටත් දැන් හරිදෙ දන්නවා කියලා අරගෙන . මම වැරදි කියන තැන අහුවෙන්නෙම නෑ.

  • උරහිසක් ඕන තැන

     මන් දැක්ක ලස්සන කතාවක් තියෙනවා . උරහිසක් ඕන තැනකට බණක් කියන්න එපා ! කියලා  බණ කියන්න කලින් නොමළ ගෙ කින් අබ ඇට ගේන්න කියන්නේ ඒකයි.

  • play vs game.

      මම බබාට කියන්නේ සෙල්ලමක් කරගන්න තරගයක් කරගන්න එපා කියලා .

  • පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක

     පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක. ඌ එකෙ තියෙන double meaning එක තියා මතුපිට අර්තයවත් දන්නවා ද? ඔයාට අවුල යන්නෙ ඔයා double meaning එක දන්න නිසා ද? ඌ දන්න රන් කුඹු  😁 ඇත්තටම මන් දන්නෙත් නෑ. internet එකෙත් නෑ 😉

  • 3D chess

      බුදුන්වහන්සේ එක තැනක කියනවා ඔය බලාගෙන ඉන්න තරු දැන් විනාශ වෙලා ඉවරයි . ඔය ප්‍රකාශය ඇත්ත කියලා verify කරන්න පුළුවන් වුනේ මෙ ළගදි. එහෙම බලන කොට කතාවෙ aww එක නැත්නම් අම්ම්ටහුඩු අවස්ථාව එන්නෙ අවුරුදු 2500 කට පස්සෙ .  එහෙම පුදුම වෙච්චි කෙනා හොයනවා තව මොනාද කියලා තියෙන්නේ …. ආන් එයාට හම්බෙනවා ලොකුම aww නැත්නම්…

  • assumptions

     assumptions  අපි බල්ලා අල්ලලා කෑමක් කන්න කලින් සබන් ගාලා අත හෝදනවා. අපිට සබන් එකෙ තියෙන chemical ගැන පොඩි සැකයක් වත් නෑ. අන්න ඒ වගෙ අපෙ මුල් බැහැල තියෙන උපකල්පන /assumptions ගැන එහෙම එකක් තියෙනවා කියලා වත් අපි දන්නෙ නෑ

  • තත්පරය

     ඔයාගෙ තත්පරය මගෙ තත්පරය නෙමේ නම්.  කාලය මෙ මොහොත අනුව වෙනස් වෙනවා නම්. කාලය දෙන්නටම පොදුයි කියන්න බැරි නම්. 🤔🤔🤔🤔🤔

  • මැණික්

    මැණික් දැකලා අහලාවත් නැති කෙනෙකුට ඔයා ගාව වටින ගල් තියෙනවා ඒවාට කියන්නේ  මැණික්  කියලා කිව්වොත් එයා මොකද්ද කියන්නේ ? කවමදාවත් දැකලා නැති දෙයක් විශ්වාස කරන්න බෑනෙ. කියන්නේ තොට පිස්සු , ගල් කොහෙද බන් වටින්නෙ කියලා . ආන් ඒවගෙ ඔයාට කාගෙ හරි වැඩක්  දැක්කම ,  වෙන්න බෑ මූ බොරු කියන්නේ , එහෙම මිනිසුන් ඉන්න බෑ කියලා…

  • This is about me..or it might not about me!

    I am called Nipun Madushanka Dasanayake, that is my name not me. I have MBBS,Msc and MD, that is my educational qualifications not me. I work as a Health informatician cum doctor , that is my job not me. I am called Son, father , Nipun , machan, doctor so on, those are my rolles…

  • Heaven and hell

     This is a zen koan. When you read this you will think that I too get angry that is hell. But real realization comes when you notice that anger comes out from nothing . 🙂 #කඩවර Heaven and hell A tough, brawny samurai once approached a Zen master who was deep in meditation. Impatient and…

  • paper

     බබාගෙ homework එකකට paper වලින් හදපු දෙයක්  පෙන්නන  පුළුවන් කොලයක් තිබ්බෙ නෑ අනික් හැම material එකටම තිබ්බා 😁😉

  • ඔය කතාව සාපේක්ෂයිනෙ.

     ඔය කතාව සාපේක්ෂයිනෙ.  ගොඩක් අය ස්ථිර කරලා අල්ලගන්න තැනක් . ඇත්තටම සාපේක්ෂයි කියන point එක අහුවුනාම ආයෙ කතා කරන්නත් දෙයක් නැති වෙනවා. මොකද සාපේක්ෂයක් ගේන්න point එකක් ස්ථිර කරලා හැබැයි point එකට ගියාම එක අරන් තියෙන්නේ වෙන point එකකට සාපේක්ෂ කරලා………. .  ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ දැනට ස්ථාවර කරගෙන ඉන්න  තැනට වදින කොට ඕක සාපේක්ෂයි…

  • සෝරත

     සෝරත අපි හැම වෙලාවෙම අනුන්ගෙ සීනි කිරනවා. මෙයා කරපු වැඩෙ හොඳයි /නරකයි . ඇත්තටම සීන් එක මේකයි. තරාදිය කැඩිලා 😮 😁 නිමිත්ත ටීවී එකේ ස්වාමින්වහන්ස කෙනෙකුට රගපාපු කෙනෙක් මහණ වීම.

  • කවුද පොර

     අපි ගොඩක් වෙලාවට මම පොර , එහෙම නැත්නම් එයා පොර , ඊට වඩා සෞම්‍යයි අපි ඔක්කොම පොරොවල් කියන තැන. ඇත්තටම කවුරුත් පොරවල් හො පොරොවල් නොවන්නෙත් නොවේ.

  • මේවා ඔක්කොම නාම

     මහායාන, හීනයාන ,තේරවාද මේවා ඔක්කොම නාම , එක කියවන කොට හැගෙන දේවල් රූප .(මහායාන මෙහෙමයි,තේරවාද මෙහෙමයි ) ධම්ම රූප ඔය දෙක අතර සම්බන්ධයක් නෑ . සම්බධයක් තියේ කියල මේකේ හෑලි ලියන එක සසර . හරියට අහු උනොත් මුකුත්ම කතා කරන්න බැරිවෙනවා එක නිවන . මතක තියාගන්න මේකත් හෑල්ලක් හැබැයි මේක නොදන්නකම් , ඔය ඔක්කොම හෑලි…

  • ප්‍රශ්නයක්ම එලියෙන්

     හැම ප්‍රශ්නයක්ම එලියෙන් බලන කොට ගොන් පාට් එකක් .  හැබැයි “තමන්ගේ” නම් පට්ට තාත්විකයි

  • risk

    ල‍ංකාවෙ ගොඩක් අය කොච්චර option තියෙන කඩේකට ගියත් ගොඩක් වෙලාවට කන්නෙ fried rice. Take a risk අලුත් දෙයක් කාලා බලන්න . සමහර විට  කඩෙ ” ඕනම” දෙයක් තියෙන්න පුළුවන්😁

  • ඉගෙන ගත්තොත්

     ඉගෙන ගත්තොත් සතුට හම්බෙනවා කියලා උගන්නපු නිසා, ඉගෙන ගත්තොත් තමන්ට වඩා සල්ලි තියෙන තමන්ට වඩා අඩුවෙන් ඉගෙන ගත්ත අය දැක්කම හීල් ලෙනවා , හොරකම් කරලා වෙන්න ඇති කියලා හිතෙනවා. තමන්ට වඩා ඉගෙන ගත්ත එකෙක්ට සල්ලි තියෙනවා නම් ඒත් හීල් ලෙනවා ,කුහකයො විදිහට පේනවා. සල්ලි වෙනුවට සතුට හම්බුනා නම් හීල් ලෙන්නෙ නෑ  (ඇත්තටම එන්න එන්න හීල්…

  • සල්ලිකාර ලෝබයා

     සල්ලිකාර ලෝබයා මෙහෙම කෙනෙකුට උදාහරණයක් තමා මට්ටකුණ්ඩලීගෙ තාත්තා මට මතක හැටියට. එයාට එහෙම වුනා කියන්නේ .  බුදු කෙනෙකුට දානයක් දුන්න හින්දා සල්ලි ,සම්පත්, ඒ දුන්න දානයෙ තිබ්බ කැවුමක් අපරාදේ දුන්නෙ කියලා ඉල්ලගත්ත නිසා ලෝබ කමද ලැබුනලු. එ කියන්නේ  හිතෙන දේවල් කියන්නේ කර්මඵල 🤔

  • blind spot

     අපි වාහනයක් එලවන්නෙම හැප්පෙන්නෙ නෑ කියලා ශුවර් එකකින් . ඇත්තටම එතැන තියෙන assumptions /උපකල්පන ටික අපිට පෙන්නෙ නෑ. blind spot වගෙ

ඔයාටත් කතාවක් කියන්න ඕනෙද ?