Category: Uncategorized

  • business opportunity

     ඇත්තටම අපි මැරෙනවට බයෙ කරන දේවල් හින්දාම කලින් මැරෙනවා වෙන්න පුළුවන් 😉. (බෙහෙත් උනත් අදාළයි ) මරණ බය තමා ලොකෙ ලොකුම business opportunity එක .

  • ජන වි‍ංඥානය

     ජන වි‍ංඥානය එකට ඉන්න ජනකායකට එකම සිද්ධිය  දැක්කම වැඩි දෙනෙකුට හිතෙන දේ. හිතෙන්නේ කලින් අත්දැකපු දෙවල් හින්දා . සමාජය තුල වැඩිපුර කතා වෙන්නෙ negative දෙවල් නම් හිතෙන්නේ එහෙම . තැන් දෙකකට වැටිච්ච ගිරව් දෙන්නගෙ කතාව     ( ස‍ංසාරය විශ්වාස කරනවා නම් සමාජය විතරක්ම නෙමෙ ස‍‍ංසාර පුරුදුත් තියෙනවා ) (උපකල්පන – හැමොටම සිද්ධිය එක විදිහට පේනවා)

  • හෝන් එක

     අපිට හෝන් ගැහැව්වම තරහා යන අපිට තරහා ගියාම හෝන් වදිනවා 😉

  • accident එකක් උනා 🤷

     Accident  අපට වැරදීමකින් වෙන අතර අනික් අය සිතා මතා සිදු කරයි. 😉 ඇත්තටම accident එකක් කියලා හොදාකාරවම දන්නවා නම් හිත මාර නිදහස් .මොකද  මම ඒක කරා කියලා යෙදෙන්නෙ නෑ.  උදාහරණයකට එකපාරටම කකුලට ගොලුබෙල්ලෙක් පෑගෙනවා. කරන්න දෙයක් තිබ්බෙ නැති බව දන්නවා . සිද්ධිය කර්ම කාරක වාක්‍යයක් …… එහෙම නිදහසක් 😊 පලි නැත්නම් වීදුරුවක් වගෙ දෙයක් බිදිච්ච…

  • නිදහස

     වයසක දේශපාලකයන් දැක්කම දුක හිතෙන්නේ නැද්ද ?  එච්චර වයසට ගිහිල්ලත් නිදහසක් නැත්නම් ඒක විදවීමක් නෙමේ ද? එගොල්ලො හොඳට පේන්න ඉන්න හින්දා උදාහරණයට ගත්තත් අනික් අයත් එච්චර තමා 😫 👉ඔයාගෙ තත්වෙ ??

  • දෙන්නද එපා ද?

     හිගන්නන්ට සල්ලි දෙන්න ද එපා ද? මොකද හිතෙන්නේ ? දෙන එකෙ හො නොදෙන එක එක්ක ගැටෙන , ඇලෙන හිත දිහා බැලුවොත් මොකද 😉

  • මතකය

     දවසක් යාලුවෙක් එක්ක වලියක් ගියා, පස්සෙ තමා තෙරුණෙ දෙන්නට වලියට හෙතුවෙච්ච සිද්ධිය මතක තියෙන්නේ දෙවිදියකට.  අපි එකම සිද්ධියක ඉන්නවා කියලා හිතුවට අපි කෙනා කෙනාට සිද්ධිය unique. ඒකත් මතකය trust කරන්න බැරි හේතුවක්. 🙂

  • අපි ආදරෙ අයට

     අපි හැමොම ආදරය කරන අයට කියලා දෙන්නෙ අපි දන්න නිවන/ස්වර්ගය /සාර්ථකත්වය . ඒකට යන්න  තමා උගන්නනෙ .🙂 එකම දේ එකෙන් සතුට හම්බෙනවා කියලා ඔයාට ශුවර්ද? 😉

  • happy independence day

     ල‍ංකාව හොඳ හො නරක බව නොව අස‍ංඛයක් රාජ්‍ය ඇතිවි නැතිවු මෙ ධරණිතලයේ ල‍ංකාව (වෙන ඕන රටක්) කියන්නේ දුවිල්ලක් බව දකින්නට . https://youtu.be/agZ8fCBd1i8 happy independence day

  • මතය

     අපි දරන ඔක්කොම මත , ආගමික ,දෙශපාලනික, විද්‍යාත්මක ,දාර්ශනික ,පෞද්ගලික ඇතුළු සියල්ලම  අපි හදාගන්නෙ ඇහෙන්, කනෙන්, ඇගෙන් හා සිතෙන් ගන්න දත්ත වලින්. අලුත් මතයක් නම් ගන්න දත්ත සිතෙ තියෙන පරණ දත්ත එකතු වෙලා තමා හැදෙන්නේ . හැබැයි අපි දන්න විද්‍යාවට අනුව දිවෙ තියෙන්නේ රසායනික ප්‍රතිග්‍රාහක. රසායනික තමා දිවට දැනෙන්නේ . නහයත් එහෙමයි .රසායනික වල පාටක්…

  • කැඩපත

     වර්ණ අන්ධ කෙනෙකුට රතු පාට අදුනගන්න හැකියාවක් නෑ. ඇත්තටම එ කෙනාට මෙක රතු පාටයි හො රතුපාට නෙමේ කියලා කියන්න බෑ . කොටින්ම එයාගෙ ලොකෙ “රතු” පාටක් යෙදෙන්නෙ නෑ……. එයාට ඒක දැනගන්නම බෑ හිතනවා නම් බලන්න  ඊර්ෂ්‍යාව , මොඩ ,දුශ්ඨකම කියලා භාහිරෙන් හම්බෙනවා කියන්නේ

  • ගොන් පාට්

     ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා. ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්.  ඒක “ගොන් පාට්” එකක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන.. එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා. සසර උනත් එච්චරයි 😊

  • නරක සිතුවිලි

     නරක සිතුවිලි  අපි හැමොගෙම සිත් වල නරක සිතුවිලි  පහළ වෙනවා. ගොඩක් වෙලාවට මම නරක කෙනෙක් කියලා හිතෙන්න පුළුවන් . හැබැයි ඇත්තටම නරක සිතුවිල්ල පෙන්නනෙ සසරෙ භයානක බව…

  • කතාවෙ හීරො

     නාට්‍ය ,ෆිල්ම් වල අවුලක් තියෙනවා …. නාට්‍ය අපි දකින්නේ 3 වෙනියාගෙ කෝණයෙන්. දුශ්ඨයා , වීරයා දෙන්නව වෙන් වෙන්ව පේනවා. අපි නිරීක්ෂකයගෙ චරිතය රගපාන එක මිස් වෙනවා . හැබැයි අපිට ලොකෙ හමුවෙන්නෙ first person view එකෙන් . එකෙ ඉන්නෙ එක හිරො කෙනෙක් විතරයි . ඉතින් කතා වල ඉන්න දුශ්ඨයා එලියෙන් හම්බෙනවා … 😊

  • මෙහෙම කරාම මෙහෙම

     මෙහෙම කරාම මෙහෙම / causal knowledge  මෙහෙම කරන්න ,මෙහෙම කරානම් හරි. අපි “දැනුම” තියෙන කෙනෙක් කියලා කියන්නේ මෙහෙම කරාම මෙහෙම වෙනවා කියන බවට . ගොඩක් දැනුම ඔය model එකට ගන්න පුළුවන් (IMHO)

  • හරියටම හරි

     විද්‍යාව ,ආගම පෙරදිග ,අපරදිග  අරයා, මෙයා ඔය ඕනෑ එකක් හරි හො වැරදි කියන්නේ මම දැන් හරි කියලා අල්ලාගෙන 🙂 “මම” හරි කියන එකෙ ලස්සන දෙයක් තියෙනවා , “මම” වැරදි කියලා කියන කොටම , දැන් “මම” හරි වෙලා අතීත මම වැරදි වෙනවා. කොයිම වෙලවකවත් මෙ මොහොතේ වැරදි වෙන්නේ නෑ.

  • මම ද

     ඉස්සර ලියපු හෑලි කියවන කොට හිතනවා.  යකෝ මෙහෙම ඒවා ලිව්වා ද කියලා.  පස්සෙ මතක් උනා “මම” නෙමෙයිනේ කියලා…. 😉😉

  • relativism

     If one genuinely understands relativism/ subjective nature in “All” perceptions. He will know “all” his understanding is a misunderstanding.  Will there be anything to say about others understanding? සාපේක්ෂ බව තුළ තමන්ට හිතන දේම සාපේක්ෂ කතාවක් නම් අනුන් මෙහෙම හිතනවා ඇති කියන එක ගැන කවර කතාවක් ද?

  • සල්ලි හම්බ කරන්න ඉගෙන ගන්න

      ඉගෙන ගත්තම සල්ලි හම්බ වෙනවා කියලා එ හින්දා ඉගෙන ගන්න කිව්වට.  ප්‍රායෝගික ලෝකෙට ආවම ඒක එහෙම්ම නෑ. ගොඩක් ඉගෙන ගත්තා කියලා ගොඩක් සල්ලි හම්බ වෙන්නෙත් නැහැ.  .  ඉතින් හිතන් ඉන්න දේ  ලෝකෙ වෙනවා නොදැක්කා ම හීල්ලෙනවා.   දෙමාපියන් ඒක දන්නවා ඒත් කියන්නේ නෑ . Lie lives on…. (ඉගෙන ගන්න එපා කියලා නෙමේ කියන්නේ. )

  • හීන

       මෙහෙම කරන්න/ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් අපිට තියෙනව . කවදාවත් හීන වලට ඇත්ත වෙන්න බෑ  මොකද ඔයා රස්සාවක් ගැන මොන හීන මැව්වත් රස්සාවට යනකම් එක කෝම වේවි ද දන්නේ නෑ.    හීනෙයි අත්දැකීම අතර ගැප් එක හින්දා හැමදා ම අඩුවක් තියනවා.  පොඩි හීන තියෙන අවස්ථා වලට සමහර විට සතුටක් ඒවි

  • මිනිස්සූ

     මිනිස්සු නරකය/හොඳයි/ මෙහෙමයි  කියලා ගන්න කොට මිනිස්සු කියන සර්වත්‍ර කුලකය (universal set) එකේ කෙනෙක් තමයි ඔයත්.  කියන එක කියන කෙනාටත් අදාළ වෙනවා (Self reference)

  • සර්වත්‍ර කුලකය හෙවත් සියල්ලම

      සියල්ලම අයිති කුලකයට තමනුත් අයිති වෙනවා.  සියල්ලම කියන කුලකයට මේ මොහොත අයිති වෙනවා.  සියල්ලම කියන කුලකයට ඒ කුලකයත් අයිති වෙනවා.  (Self reference.  ) සියල්ලෙන් පිට යමක් ගැන කතා කරන්න බෑ 🙂 සබ්බ කියන්නෙත් සියල්ලම.  Ps. Self reference and universal set කියන එක .undecidability of the halting problem, incompletness theorem, ගොඩක් Paradoxes. වගේම දේවානම්පියතිස්ස රජතුමා…

  • මැවුම්කරු

      ඇහැට වැටෙන තරංගවල පාටක් වත් ගැබුර ගැන තොරතුරක්වත් නෑ. හැබැයි අපි ඉන්නෙ වර්ණවත් ත්‍රිමාණ ලොකෙක.  කෑම වල තියන රසායනික අංශුවල රසක් සුවදක් නෑ. ඒත් අපි සුවද රහ කෑම කනවා. දත්තයකින් තොරතුරක් මැවෙනවා 😉. මැවුම්කරු එලියෙන් හම්බෙන්නෙ නම් නෑ. හින්දු වේදය එන බ්‍රහ්මන් නැත්නම් omnipresent god හෙවත්  මැවුම්කරු …….

  • කම්මැලිකම

     කම්මැලිකම  ඇත්තටම කම්මැලි වෙලාවට මොකටවත් ඇලිලත් නෑ මොකක් එක්කවත් ගැටිලත් නෑ. එක විදිහකට ඉන්න පුලුවන් සරලම තැන. හැබැයි  පුරුද්දට කම්මැලිකම එක්ක හරි ගැටෙනවා කම්මැලිකමට 😉