Category: Uncategorized

  •  කව්ද කිව්වේ ? මම ලියපු දේ ඔය දැන් කියවනවා කියල තමා ඔයාට දැන් හිතෙන්නේ. ඇත්තටම ඒක එහෙමද? කියවන වචන වලට තේරුම එන්නේ කොහෙන්ද? ඔයාගේ අදහස්, දැනුම උඩ තමා කියවීම වෙන්නේ. ඔයා කියවපු දේ මම ලිව්වා කියන එක කලින්ට වඩා සාධාරණයි. එත් ඇත්තටම බැලුවොත් මේක කියවීම තුලම  තමා, කියවන ඔයා හා ලියපු කෙනා හම්බෙන්නේ නැත්නම් විද්‍යමාන…

  • Parallel worlds

    1.We live in parallel worlds that never touched.  2.Yet shaped each other. 3. If at all if they existed  උඩ කතාවෙ දිග හැරීම 1. ඔයාට පේන්නෙ ,ඇහෙන්නේ ,දැනෙන්නෙ ,හිතන්නෙ ඔයාගෙ ආයතන වලින්. අනුන්ගෙ ආයතන වලින් බෑ. ලොකෙ perceive කරන්නෙ තනියම. වෙන කෙනෙක් දුවිල්ලක් වත් දකින විදිහ දැන ගන්න බෑ 😊 2. ඒත් අපි අනික් අය…

  • ඇත්තටම ඇත්ත

     “The” truth doesn’t have assumptions  පට්ටම සත්‍යයක් නම් උපකල්පන නැත. (රාමුවක් තුල සත්‍ය , සම්මත තත්ව,statistics test හදලා තියෙන්නේ උපකල්පන උඩ)

  • මම ………. කෙනෙක්

     මම මෙහෙම කෙනෙක් කියල ගන්න කොටම ලොකු එකෙන්ම අහුවෙනවා .”මෙහෙම” කියන තත්වය පවත්වන්න කටු කන්න වෙනවා .  මම  “හැමතිස්සෙම” චරිතයක්(මෙහෙම කෙනෙක්) එක්කමයි ඉන්නේ.  මම කවුරුවත් නොවේ කියන චරිතයට හරි අහුවෙනවා අන්තිමට….(I am nobody) මම අහුවෙනවා කිව්වට චරිතයයි,රගපාන  මමයි වෙන් කරන්න බෑ 😊

  • විදවලා

    විදවලා ” කොච්චර දුක් විදලද උබලව හැදුවෙ “ ” කොච්චර දුක් විදලද ඉගෙන ගත්තෙ” පරණ දුක් රස කර කර කියලත් ඇති ඇහිලත් ඇති. ඇත්තටම දුකක් නම් දැන් රහ වෙන්න බෑ නේද ?😉 දුකක් උනාත් සැපක් උනත් විදීම(experience ) කියන ගතියෙන් සමානයි . මොන experience එකට වුනත් ලෝභකම එහෙම්මයි.

  • කලේ ඇයි ?

     A/L ….. කරපු හේතුව  A/L subject  තෝරගත්තෙ ඇයි ? Sure ද? ඔයා කියන්නෙ තීරණය  ගත්ත හේතුව ද? ගත්ත තීරණයෙ සාධාරණීයකරණය ද? 😉 ඕකම,  බැන්දෙ ඇයි? ළමයි හැදුවෙ ඇයි ? ඉගෙන ගත්තෙ ඇයි ?  ඕන ප්‍රශ්නයකට දාලා බලන්න

  • ක්‍රිකට්

     ක්‍රිකට් බොලේ දාන්න කලින් ෂොට් එක ගහන්න බෑ . බොලේ වැටුනම shot එක වදිනවා. ඔකේ වෙනස හරියටම තේරෙන්නේ out උනාම .(mischievous) shot එක වැදුනේ නෑ බන් කියාගෙන එන්නේ. හැබැයි 6 වැදුනම වැදිච්ච shot, එක කෝමද මගේ පාර වෙනවා. ****අපිට හිතලා ගහන්න පුළුවන් නම් අපිව කවදාවත් out කරන්න බෑ *****

  • ඇහුනද?

     ඉස්සෙල්ලා ඔයා කියපු දේ මට ඇහුනෙ , දැනට මට ඇහිච්ච දේ ඔයා කියලා තියෙන්නේ,. ඒක තවත් වෙනස් වේවිලු.. ඔයා කියවපු උඩ සටහන  සමහර විට ලියපු කෙනෙක්  නැති වෙන්න පුලුවන් ද ? 😜 ඔයා කියපු දේම මට තේරුණා/ඇහුනා කියන තැනින්. මට තෙරුණ දේ වගෙ දෙයක් ඔයා කිව්වා වෙනස. සමහර විට තෙරුම් ගන්නවා කියන සිද්ධිය තුලම තේරුම්…

  • වල් ගහක්

     වල් ගහක්. “ඔයා” කැමති නැති තැනක තියන ඕන ගහක් වල් ගහක් වේ. ප.ලි අනික් සිද්ධිත් ලොකු වෙනසක් නෑ. අකමැති වෙලාවට වහින වැස්ස ජරා වැස්සක් වන අතර කැමති වෙලාවට මරු වැස්සක්වේ.

  • Event එක

     කර්මය යෙදෙන්නෙ event එකට. හොරකම් කරලා අහුවෙලා හිරේ යනවා කියන  “අඩුම” event තුනක්. ඒ ඒ event එක වෙන්න කරුණු පෙලගැහුනම ඒ ඒ විදිහට වේවි . (ඇත්තටම මේ මොහොත පහල වෙන්න තමා කර්මය ඉන්ධනය වෙන්නෙ 😉)

  • හරිම දත්තය

     ඇත්තටම එහෙම දත්තයක් නැත්නම් .  එන එන දත්තයට කතාවක් හදන එකනම් වෙන්නෙ. සාපේක්ෂ දත්ත වලින් හදන කතාවක් මිස the truth නැත්නම් . ඉස්සෙල්ලා මට වැරදුනානේ ,දැන් හරි කියන එක repeat වෙන එක නම් වෙන්නෙ ?🤔

  • බෙදීම

     දේශපාලකයන්, අපිව බෙදුවා දෙමළ ,සිංහල, මුස්ලිම් කියලා කියද්දි  දේශපාලකයන් හා අපි කියලා  බෙදෙනවා කියන එක මිස් වෙනවා 😁 Binary එකෙන් බේරෙන්න අමාරුයි

  • Slow

     පොඩ්ඩක් slow වෙලා හිමීට ජිවිතෙ දිහා බැලුවොත් පෙනේවි . අපි හිතන් /දැනන් ඉන්න  logic  එකට ලොකෙ වෙන්නෙ නෑ කියලා. එතකොට තව logic  එකක් හොයන්න වෙනවා ඒක විස්තර කරගන්න . ඉවරයක් නෑ 🙂

  • සිද්ධියට පස්සෙ කතාව

     සිද්ධියට පස්සෙ කතාව ඕනම දේක මුලින් වෙන්නෙ සිද්ධිය ,ඊට පස්සෙ තමා ඒක වුනේ මෙහෙමයි කියන කතාව හදන්නෙ වෙච්ච දේ තේරුම් ගන්න. අපි කතාව කලින් ඉදන්ම තිබ්බා කියලා ගන්නවා ඉබේම ,කතාවෙ තිබ්බ අඩුපාඩු මිස් වෙනවා. කතාවක් ගොඩනගන්න බැරි සිද්ධි magic වෙනවා.පෙරදිග ,අපරදිග ඕන එකක. අපිට හිතන්නෙ ගුරුත්වාකර්ෂණය හින්ද පොලවට වැටෙනවා කියල. ඇත්තටම වැටෙන එකට හදපු කතාව…

  • වෙස්මූණු

     සාමාන්‍ය ජිවිතෙ තමන්ට තමන්ගෙ වෙස්මූණු ගැලවෙනවා අහුවෙනවා නම් …. අපිට හිතන්නෙ වෙස්මූණු යට ඇත්ත මූණක් අපිට තියෙනවා කියලා ඇත්තටම එහෙම නෑ. වෙස්මූණු මාරු වෙනවා විතරයි  😋. ඊලග වෙස්මූණු ටිකට හෙතු තියනකම් එනවා) වෙස්මූණු – මම අසවල් කෙනා ලෙස හදුනාගැනීම. මම තාත්තා ,ඩොක්ටර් ,පුතා, බෞද්ධයෙක්. කොටින්ම මම ________කෙනෙක් කියන හදුනාගැනීම. එ නිසාම රගපෑම. තනියෙන් ඉද්දි තනියෙන්…

  • තේරුම

     තේරුමක්ම නැති දෙකත් තේරුමක් හොයාගන්න පුලුවන් නම් තේරුමක් තියෙනවා කියලා ගන්න දේවල් වල තේරුමක් තියෙනවා ද ? 🤔

  • හිස්තැන

    “හිස්බවට  බය අඩු  අයට ලෞකිකව සෑහෙන්න නිදහසක් එනවා. ඒ කියන හිස්තැන තියෙන්නේ කට කපලා පිරිලා තියෙන්නේ කියලා අහුවුනොත්😊😊😊.. නියම හිස්තැන අහුවෙන්න පුලුවන්”

  •  මාන 4 හා වෙනස් වීම මාන 4 හැදෙන්නෙ කෝමද  දිග,උස,පළල- ලක්ශ 2ක් අතර ‘වෙනස’ කාලය – සිද්ධි 2ක් අතර ‘වෙනස’ වෙනස මතම තමා ලෝකය තියෙන්නේ . වෙනස කියන්නෙ පැවැත්මට තව නමක් වෙන්න බැරිද 🤔?

  •  වෙනස් වෙනවා කියන්නෙ මොකද්ද  ඔයා අද ඉන්න තැන ඉන්න ලොකුම හේතුව මොකද්ද ? ඔයා ගත්ත “තීරණ” . ලොකු පොඩි ඔක්කොමම තීරණ.  තීරණ ගන්න මොනාද බලපාන්නෙ? අපි තීරණ ගන්න පාවිච්චි කරන්නෙ වටිනාකම් (values) හා මුලධර්ම(principals). උදාහරණයක් විදිහට ඉගෙන ගන්නෙ විවේකයට වඩා ඉගෙනීම value  එක වැඩි හින්ද . සතෙක් මරන්නෙ නෑ කියන principal  එකෙ ඉන්න කෙනෙක් පාඩුවක්…

  •  ගැලපෙන ලෙස වෙනස් වීම (adaptation) ඉස්සර ජීවත් වුන රටාව වෙනස් කරගන්න වෙලා.  නැව “ගිලුනම “අඩ අඩා ගිලෙන්නත් පුලුවන් . නැව පැදපු අයට බැන ගිලෙන්නත් පුලුවන්. පීනන්න try කරන්න පුලුවන්.  පීනනවා කියන්නෙ නැව ගිලෙන්න කලින් නැවට වෙලා කරපුවා තව මහන්සි වෙලා කරන එක නම් නෙමේ. 😁

  •  ඌ මොඩයි , මම මාරයි. අපි ගොඩක් වෙලාවට ඉන්නෙ ඔය චින්තනයෙන්. ඔතන අවුල, අපිට අලුතින් අදහසක් ගන්න බැරි බව. මගේ කෝණයම හරි කියලා ගන්න හින්ද වෙන අයගෙ කෝණ සලකා බලන්නෙ වත් නෑ. අනුන්ගෙ අදහස් වගේම තමන්ගෙ අදහස් ප්‍රශ්න කරලා බලන්න, හිල් හොයන්න.(තමන්ගෙ අදහස් වල තියන assumptions දිහා බලන්න)  Open minded වෙන්න

  •  කතාවෙ version එක ඕනම කතාවක ඔයාට අහගන්න පුලුවන් “ඔයාගෙ ” version එක විතරයි. වෙන කෙනෙක්ගෙ version එකක් 100% දැනගන්න බෑ. නොදැනගත්ත කොටස ගැන අදහසක් වත් නෑ. එහෙම බැලුවම දැනගත්ත කොටසත්…

  • Live experience

     Live experience  ඔයාට මේ වෙලාවෙ තියන සජිවි අත්දැකීමක් තියෙනවා නේද ? Live experience එක? කියවන ඇහෙන හිතෙන බව? ආන් ඒක තමා මම, මගෙ කියලා වැඩියෙන්ම අහුවෙලා ඉන්න එක.

  • Tools

     Tools හෙවත් උපකරණ උදැල්ලකින් වලක් කපන්න පුලුවන් . කාලය ප්‍රශ්නයක් නෙමේ නම් ඕන වලක් කපන්න පුලුවන් . බැකො එකකින් වලක් කපන්න පුලුවන් .පොඩි වල වල් නම් බෑ. හැබැයි වේගෙ වැඩි. * වල කපා ගන්න එක තමා වැදගත්ම වැඩේ, වල තමන්ට හින්ද * සමහර වල වල් තියෙනවා බැකෝ එකක් ප්‍රායෝගිකව ඕනම වෙන. ඒ හින්ද බැකෝ වැඩක්…