තැනක් නෙමේ සිතියමක් !
-
කම්මැලිකම
කම්මැලිකම ඇත්තටම කම්මැලි වෙලාවට මොකටවත් ඇලිලත් නෑ මොකක් එක්කවත් ගැටිලත් නෑ. එක විදිහකට ඉන්න පුලුවන් සරලම තැන. හැබැයි පුරුද්දට කම්මැලිකම එක්ක හරි ගැටෙනවා කම්මැලිකමට 😉
-
හරි මොකක් ද?
විද්‍යාව හරි ද? ආගම හරි ද? ඔය එක මගුලක් වත් නෙමෙ බන් මම(Ego) එක හැමතිස්සේම හරි
-
වැරදිමට බය
වරදිනවට බයයි නේද ? ඇයි දන්නවා ද අපි වරදිනවට බය? වැරදුනාම හිනා වෙලා තියන හින්ද (අපි අනූන්ට)😉
-
හිර ගෙදර
හිර ගෙදර හිර ගෙදරක් නැත්නම් හිරකරු කියලා කෙනෙක් නෑ හිර ගෙදරක් නැත්නම් නිදහස කියලා කතා කරන්න දේකුත් නෑ 😊 අපිට තියන ලොකුම හිර ගෙදර දන්නවා ද? හිර ගෙදර කිව්වෙ සීමා කිරිම කියන අර්තයකින් ඇස්,කන්,දිව,ස්ප්‍ර්ශ් හා හිත. මොකද එකෙන් තමා තනිකරම limit වෙන්නෙ🙃
-
ලොකුම ප්‍රශ්නය
දර්ශනයක /philosophy වල නැත්නම් අධ්‍යාත්මික seen එකෙ නැත්නම් Particle physics වල තියන ලොකුම ප්‍රශ්නය ?😊 අපි කවුරුද? 🙂🤔😘 🙏 සේනක බටගොඩ
-
සිතියම
සමහර විට සිතියම පාර පෙන්නන්නෙ සිතියමෙන් එලියට වෙන්න පුලුවන් 🤗
-
ඒකත්වය
කැඩුන මැටි බදුනක් අල්වලා දැන් මේක එකක් කියන්න පුලුවන් මැටි බදුන මෙහෙම කැඩෙන්නවා කියලා දැනෙගෙන මේක එකක් කියන්න පුලුවන් ඒකත්වය කියන concept එකත් ඒවගෙ, එකමදේ වගෙ ඇහුනට දෙන්නෙක් දෙකක් කියනවා වගෙ වෙන්න පුලුවන්
-
කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙනවා
කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා වෙනවා ද? කන එක බලන් ඉන්න කෙනාට හම්බෙන්නෙ කබරගොයෙක්, කන කෙනාට හම්බෙන්නෙ තලගොයෙක් 😊
-
අන් අයගෙ මත ඉවසීම
අන් අයගෙ මත ඉවසීම ඉබෙම වෙනවා තමන් ඇත්ත කියලා හිතන් ඉන්න මත හැදෙන හැටි දැක්කොත් . නැත්නම් තමන්ගෙ මතය ගොඩනැගෙන උපකල්පන (assumptions ) දැක්කොත් , එ උපකල්පන වල තියන තඩි හිල් දැක්කොත් 😊
-
කිව්වට විශ්වාස කරන්න
ඔයා දන්න දේවල් ඔක්කොම ඔයා “විශ්වාස” කරන කෙනෙක් කියපු දෙයක් හො කියපු දෙයක් මත ගොඩනගපු කතාවක් ..🙈🙉🙊 මං කියනවට විශ්වාස කරන්න එපා 🤭
-
රට යන්නෙ ඇයි ?
රට යන්නෙ ඇයි ? මෙතෙන්ට වඩා එතැන ආතල් එකක් “ඇති” ඉගෙන ගන්නෙ ඇයි ? ළමයි හදන්නෙ ඇයි ? ගෙවල් හදන්නෙ ඇයි ? ඕන එකක් කාලඅවකාශයෙ මෙතැනට වඩා එතැන හොද ඇති ලු 😉 දුවන්නෙ ඇයි ??? ……….. ඕක ඇත්තම හේතුවද නැත්නම් වෙන්න හදන දේ සාධාරණීය කිරීමද?
-
මම මැරුණම
මම මැරුණම මෙහෙම වේවි කියලා හිතන් ඉන්නවා නේද ? ඇත්තටම ඒක නිකන් මම මැරුණම මම හිටියොත් මෙහෙම එකක් අත්දකින්න ලැබෙවි කියන එක. පට්ටම විකාරයි නේද ?😜
-
තරහා ආවා
ඉන්නවා කියලා පෙන්නන්න වගෙ තරහා ඇවිල්ල රවුමක් දාලා ගියා. ලස්සන / කැත වැඩෙ තරහා ආපු හේතුව කොච්චර සරලද කියන එක. #කඩවර
-
සාරිද?
සාරි අදිනවද නැත්නම් සැහැල්ලු ඇදුමක් අදිනවද ප්‍රශ්නයට මට හිතෙන උත්තරය නම් “අදාල නැනේ” හොදට බලන්න මම අදාල නෑ කියන්නෙම ඒ ප්‍රශ්නය අදාල කරගත්ත හින්දා, ප්‍රශ්නය භාරගෙන ඊට පස්සෙ අදාල නෑ කියන්නෙ
-
හොදම පිතිකරු
සුර්‍ය කුමාර් යාදෙව් ලෝකෙ හොදම t20 පිතිකරු කියලා පිලිගන්න කොට නොදන්නවා උනත් ක්‍රිකට් නීති 42 ම පිලි අරගෙන ඉවරයි 😊 මොකද ක්‍රිකට් නිර්වචනය වෙන්නෙම නීති පද්ධතිය තුල.
-
Unknown නොදන්නාකම
it is the unknown(නොදන්නාකම ) we fear when we look upon death and darkness, nothing more. -Dumbledore 😊 අපි දන්න බවට තියන අසාව නිසා නොදන්නාකමට බයයි. ඇයි බය ?මොනාහරි තියෙනවා ඇති, තියන දේ දන්නෙනෑ 🙂 P.s. දැනුවත්කම ගැන නොදන්නාකම වෙන්නත් පුලුවන් .බය නැති වෙන්නෙ දැනගන්න තියෙන උවමනාව නැති උනොත් නම්… Best comment (is ha) Nipun M.…
-
කැත විතරක් !
ඔයා කවදාවත් “කැත” විතරක් අත්දැකලා තියෙනවා ද ?. කැත මොනාහරිම තමා හම්බවෙන්නෙ. කැත ඇදුම, කැත සින්දුව, කැත හිත 🙂
-
සිතුවිලි
මගෙ මගෙ කෝප්පය මගෙ ගෙදර මගෙ රස්සාව මම නෙමෙයි නේද ??? එතකොට මගෙ සිතුවිලි !!!!! 😊 ඒකත් එහෙම්මයි !
-
කැමැත්ත
අනුන්ගෙ කැමැත්ත තමන්ගෙ එක නෙමේ කියලා තේරුණොත් අනුන්ගෙන් ගැලවෙනවා . තමන්ගෙ කැමැත්ත තමන්ගෙ නෙමේ කියලා අහුවුනොත්😊😊😊 . තමන්ගෙනුත් ගැලවෙනවා
-
මායාව
මමත්වය මායාවක් කියලා අහලා ඇති . ඒකෙ ඇත්ත බොරු තේරුම් ගන්න පුලුවන් “බව” එතකොට …….. දිගහැරුම මට තේරෙන මමත්වය හැදිලා තියෙන්නේ සංකල්ප උඩ. ඒ හින්ද සිරුර කියන්නෙ ඔයාද? සිත කියන්නෙ ඔයා ද? ඔයාගෙ නම ඔයාද? රැකියාව ඔයාද? ඔය වගෙ ප්‍රශ්න අහලා බැලුවම ,මමත්වය හෙල්ලෙනවා. ඒත් ඒක තේරුම්ගන්න පුලුවන්කම, හැකියාව එහෙම්ම තියෙනවා 🤔. මමත්වයක් තියෙනවා හො…
-
Gut feeling
මනුස්සයෙක් දැක්ක ගමන් අපිට judgment එකක් එනවා හොද කෙනෙක් ද නැද්ද කියලා . විද්‍යාවට අනුව ඉස්සර යාලුවෙක් ද තරහා කාරයෙක්ද නැද්ද කියලා මැනීම survival එකට වැඩගත් . එත් මනුස්සයා හම්බෙන්නෙම judgment එකක් එක්ක . අපෙ confirmation bias එක හින්ද ස්ථීර කරගන්නවා . හොදට බලන්න judgment එක හිතලා ගන්නවා ද ? ඉබෙම එනවද?. Gut feeling එක…
-
ඇයි ?
මන් මෙ තීරණය ගත්තෙ මේ හින්ද , කියලා එන උත්තරය දිහා හොදට බලන්න .👀 critically ඇයි කියලා අහලා බලන්න . ඒ සාධාරණීයකරණයට (justifcation) තව හේතු හම්බවේවි . ඒ හේතු වලට තව හේතු. ඉවරයක් නෑ, පදනම හිස් ද ?. Hint – අපි හේතු කියන්නෙ හේතු නොවන හින්ද වෙන්න පුලුවන් …..
-
සිත TV
TV එකේ ඕන ෆිල්ම් එකක් පෙන්නන්න පුලුවන් සිතුවිලි කියන්නෙ film එක නම් සිත කියන්නෙ TV එක. අපි හිතුවට සම්භාව්‍ය film විතරක් පෙන්නන්නවා කියලා ,අසභ්‍ය ෆිල්ම් ඕන වෙලවක තිරගත වෙන්න පුලුවන් . 😉 සිහියෙන් හිටියොත් film එකෙ intro දාන කොට සමහර විට මීටර් වෙන්න පුලුවන්
-
මම දැන වෙනස් මිනිහෙක් !
මම දැන වෙනස් මිනිහෙක් ! අපිට හිතන් ඉන්න ego/ මමත්වය වෙනස් වෙන බව අහුවෙනවා සමහර වෙලාවට. වෙනස් වන බව නිරීක්ෂණය කරන්න තියන හැකියාව නිත්‍ය කියලා ගැනෙන බව අහුනොවි. 🙂