Category: Uncategorized
-
Generalize කිරීම
මේක තියෙනවා නම් මේ වගෙ වෙන්නම ඕන කියලා හිතාගන්න එක වැරදි. generalize කිරීම අරක්කු/කුඩු බොන “එක” නරකයි කියලා කිව්වම බොන “අය” නරකයි ලෙස ගන්න එක. රැකියාව ගණිකාවක් නම් ඒ ගොල්ලො මනුස්සයන් ලෙස නොසැලකීම. ඒකි බඩුවක් කියන තැනම එයා = යම් දෙයක් වෙලා ඉවරයි. පස් පව් තියෙන්නේ ඔයාට පරිස්සම් වෙන්න ,අනික් අයව මනින්න නෙමේ. (අංගුලිමාල ,…
-
එයාගෙ චරිතය
මම “එයා ” උනානම් මම කියනවා හොඳ දෙකක්…… එහෙම හිතෙන වෙලාවට ඔයා එයාගෙ චරිතය රගපාන වෙලාවක් 😉 එතකොට අනික් වෙලාවට 🤔
-
සාධාරණීකරණය කරගන්න
අපිට මොනාහරි කරන්න හිතුනම (මුලින්ම හිතෙන්නේ ) අපිට ඒක කරන එක සාධාරණීකරණය කරගන්න ඕන. ගොඩක් ඒවා by default සාධාරණීකරණය වෙලා තියෙන්නේ . උදාහරණයකට- trip යන එක, කන එක.( මේවගෙ දෙවල් වලට විරුද්ධව කතා අඩුවෙන් ඇහෙන්නෙ , නැතිව නෙමේ) හැබැයි මිනිස්සු වැඩිපුර රණඩු වෙන්නෙ අපෙ සාධාරණීකරණයට ගහන කොට. අරයට චන්දය දැමීම. රට/ලංකාවට යන එක. ආගම අදහන…
-
#consumerism
ඉස්සෙල්ලාම ක්‍රිකට් ගහපු හින්දා බැලුවා. දැන් බලන හින්දා ගහනවා #consumerism හැම සෙල්ලමම එච්චරයි
-
බෞද්ධ ගී
සමහර විට මේවත් බෞද්ධ ගී වෙන්න පුළුවන් 🤔 ලෝක සිතියම – mithunsk ,dhanith sri අනන්තයට යනවාමයි – සේනක බටගොඩ අපි කවුරුද? – සේනක හද අල්ලන්න යන – wayo/mithunsk හිත හොයන්න – කසුන් කල්හාර තව මොනවාද ? 🤔
-
මගෙනෙ
මගෙ කියලා අල්ලගෙන නෑ කියලා හිතනකොට මගෙ නෙමේ කියලා අල්ලගෙනලුනෙ 😬
-
පුල් ශොට්
සංගා ගෙන් පුල් ශොට් එක හොදට ගහන්නෙ කෝමද ඇහැව්වා ම කියනවා. බෝලෙ එන විදිහට ගහන්න ,පුල් එකක් ගහනවාමයි කියලා හිතාගෙන හිටියොත් හොඳ පුල් එකක් ගහන්න බෑ ,මොකද හැම බෝලෙටම පුල් එකක් ගහන්න බෑ. බැරි ඒවටත් ඒකම try කරන හින්දා . ජිවිතෙ උනත් පූර්ව නිගමන නැතුව (වැරදි කියලා දැනගෙන ) සෙල්ලම් කරන්න බලන්න .🙂
-
ක්‍රිකට් ගැනම නෙමෙයි
ටෙස්ට් මැච් එකක වැඩිම ලකුණු අරන් තියෙන්නේ කවුද ? වැඩිම විකට් අරගෙන තියෙන්නේ කවුද ? හොදම බොලර් කවුද ? ලංකාව පැරදුනෙ ඇයි ? දැන් ඕකට උත්තරය දන්නවා නම් ක්‍රිකට් දන්නවා ද? මන් කියනවා නෑ කියලා.😉 ක්‍රිකට් දන්න බව යෙදෙන්නෙ සෙල්ලම් කරන මොහොතට විතරයි. ශොට් එකක් ගහන කොට නැත්නම් බොලෙ දානකොට ,field කරනකොට. හැබැයි ඒක…
-
කෙලවර
කෙනෙක් කියන්න පුළුවන් විශ්වයෙ කෙලවරට එහා මුකුත්ම නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන් එතනින් එහා මොනාහරි තියෙනවා කියලා . කවුරු හරි විශ්වයෙ කෙලවරට ගිහින් බලනකම් ඕවා දෙකම කතා 🙂. කෙනෙක් කියන්න පුළුවන් සිත තමා ඔක්කොම – එහෙනම් ඇයි FB එකෙ දාන්නෙ? සිතෙම තිබුන නම් ඉවරනෙ. තව මොනාහරි තියෙනවා නේ- එහෙනම් මම ලියපු එකමද කියෙව්වෙ? නැත්නම් ඔයාගෙ…
-
අතීතය නිර්වචනය
match එක පැරදුනාම බලපු එක වැඩක් නැති වෙනවද? ප්‍රෙමය පැරදුනාම love කරපු කාලෙ අපරාදේ ද? උත්තරය මොකක් උනත් බලන්න මෙ මොහොත උඩ තමා අතීතය නිර්වචනය වෙන්නෙ
-
ඉපදුන “තැන”
මම ඉපදුනේ කොළබ එතනදි මන් වෙනුවෙන් නිකුත් කරපු birth chit එක මත හදලා තියෙනවා උප්පැන්නක්. ඒ උප්පැන්න මගෙ ඉස්කොලේ , කැම්පස් එක රස්සාව කරන තැනට දීලා තියෙනවා . ඔය උප්පැන්න දීලා තමා මගෙ අයිඩෙන්ටි කාඩ් එක හදලා තියෙනවා ,ඒකෙ number එකට තමා වාහන , බැංකු ගිණුම් ,ණය විතරක් නෙමේ අවස්ථා දාහකට වඩා ඕක ලියලා ඇති.…
-
Overthinking
Overthinking අපිට තීරණයක් ගන්න දත්ත අනන්ත ප්‍රමාණයක් ඕන. අපි කරන්නෙ ඒවා නොසලකා හැරලා තියෙන දත්ත දෙක තුනකින් තීරණයකට යන එක . එතකොට දත්ත 4 පැනපු ගමන් තීරණයක් ගන්න එක හෙනම සංකීර්ණයි . එතකොට තීරණයක් ගන්න බැරිව අරම කොරොත් මෙහෙමයි මෙහෙම කරොත් එහෙමයි කියලා ලතවෙනවා. අන්තිමට ඔක්කොම අමතක කරලා එක දත්තයක් ඉඩ තීරණය ගන්නවා. මොන තීරණයක්…
-
පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක
පොඩි උන් ලොකු අයගෙ සින්දු කියන එක. ඌ එකෙ තියෙන double meaning එක තියා මතුපිට අර්තයවත් දන්නවා ද? ඔයාට අවුල යන්නෙ ඔයා double meaning එක දන්න නිසා ද? ඌ දන්න රන් කුඹු 😁 ඇත්තටම මන් දන්නෙත් නෑ. internet එකෙත් නෑ 😉
-
play vs game.
මම බබාට කියන්නේ සෙල්ලමක් කරගන්න තරගයක් කරගන්න එපා කියලා .
-
උරහිසක් ඕන තැන
මන් දැක්ක ලස්සන කතාවක් තියෙනවා . උරහිසක් ඕන තැනකට බණක් කියන්න එපා ! කියලා බණ කියන්න කලින් නොමළ ගෙ කින් අබ ඇට ගේන්න කියන්නේ ඒකයි.
-
ගෝඨා ගෙ පොත
ගෝඨා ගෙ පොත අපි ලොක්කට හිනා වුනාට අපි හැමෝම ඉන්නෙ “මම” හරි කියන තැන. p.s ඉස්සර මම වැරදි කියන කොටත් දැන් හරිදෙ දන්නවා කියලා අරගෙන . මම වැරදි කියන තැන අහුවෙන්නෙම නෑ.
-
ඒ අයගෙ සංස්කෘතිය
ඒ අයගෙ සංස්කෘතිය අපෙ රාමුවට පිට හින්දා දුකක් විදිහට පේනවා 😁 එතකොට අපි කරන වැඩ? 😁😁😁 රාමුවෙන් පිට ඉන්න කෙනෙකුට අපි කරන දේවල් ? උදාහරණයකට අවුරුදු 15 ක් විතර කාමරයක් අස්සෙ බෝඩ් එකක් බලාගෙන ඉන්න එක . බොලෙකට පොරකන එක. බෙල්ල හිර වෙන්න ටයි එකෙක් දාන එක. phone එක දිහා බලාගෙන ඉන්න එක. කොටින්ම…
-
කියවන බව
මෙහෙම දෙයක් තේරිලා තියෙනවා ද? ඔයා මේක කියවන කොට සාමාන්‍යයෙන් හිතෙන්නේ මම නිපුන් ලියපු එකක් කියවනවා කියලා , හැබැයි ඇත්තටම මේක කියවන බව තුල කියවන්නා ,ලියපු දේ, ලියපු කෙනා හමුවන බව. මෙක කියවන බවට live experience එක නැත්නම් මෙ මොහොත කියන්නත් පුළුවන් .
-
වාද
සමහර වාද සාකච්ඡාවල ඵලදායි බව අඩු අපි කෝමත් කතාවට එන්නෙ මම හරි කියලා පිහිටලා , දරාගෙන ඉන්න තියරි එකෙ අවුල පෙන්නුවම, ඔව් ඒක හරි “හැබැයි” කියලා ආයෙ එතැනටම පනිනවා . නැත්නම් ඉස්සෙල්ලා මම වැරදි දැන් මම හරි කියලා පොඩ්ඩක් වෙනස් එකක් බදාගන්නවා 😁 තමන්ට ” හැබැයි “/but කියවෙන කොට පොඩ්ඩක් මීටරෙන් ඉන්න 😉
-
opportunity cost
අපි වියදම් කරපු කාලය /ශ්‍රමය /මුදල වෙන දේකට යොදවන්න තිබ්බ කියන ගොඩක් අයට හිතෙනවා. ඒත් වෙනදෙයක් වෙන්න තිබුණා නම් ඒක වෙලා. ඒහෙම පුළුවන් වෙන්න නම් කාලය නිරපේක්ෂව තියෙන්න ඕන . එහෙම ද?
-
මැණික්
මැණික් දැකලා අහලාවත් නැති කෙනෙකුට ඔයා ගාව වටින ගල් තියෙනවා ඒවාට කියන්නේ මැණික් කියලා කිව්වොත් එයා මොකද්ද කියන්නේ ? කවමදාවත් දැකලා නැති දෙයක් විශ්වාස කරන්න බෑනෙ. කියන්නේ තොට පිස්සු , ගල් කොහෙද බන් වටින්නෙ කියලා . ආන් ඒවගෙ ඔයාට කාගෙ හරි වැඩක් දැක්කම , වෙන්න බෑ මූ බොරු කියන්නේ , එහෙම මිනිසුන් ඉන්න බෑ කියලා…
-
තත්පරය
ඔයාගෙ තත්පරය මගෙ තත්පරය නෙමේ නම්. කාලය මෙ මොහොත අනුව වෙනස් වෙනවා නම්. කාලය දෙන්නටම පොදුයි කියන්න බැරි නම්. 🤔🤔🤔🤔🤔
-
assumptions
assumptions අපි බල්ලා අල්ලලා කෑමක් කන්න කලින් සබන් ගාලා අත හෝදනවා. අපිට සබන් එකෙ තියෙන chemical ගැන පොඩි සැකයක් වත් නෑ. අන්න ඒ වගෙ අපෙ මුල් බැහැල තියෙන උපකල්පන /assumptions ගැන එහෙම එකක් තියෙනවා කියලා වත් අපි දන්නෙ නෑ
-
3D chess
බුදුන්වහන්සේ එක තැනක කියනවා ඔය බලාගෙන ඉන්න තරු දැන් විනාශ වෙලා ඉවරයි . ඔය ප්‍රකාශය ඇත්ත කියලා verify කරන්න පුළුවන් වුනේ මෙ ළගදි. එහෙම බලන කොට කතාවෙ aww එක නැත්නම් අම්ම්ටහුඩු අවස්ථාව එන්නෙ අවුරුදු 2500 කට පස්සෙ . එහෙම පුදුම වෙච්චි කෙනා හොයනවා තව මොනාද කියලා තියෙන්නේ …. ආන් එයාට හම්බෙනවා ලොකුම aww නැත්නම්…